දාරක පෙමක් මව කෙළෙසද මනින්නේ
එළෙසම නුඹේ පෙම අපමණ වුනාවේ
කලා සිතක් ලොව කෙලෙසද දකින්නේ
එවන් සිතක් නුඹටත් සතු වුනාවේ
පටු අදහසින් යුත් මත දුරු කළාවේ
නිවහල් සිතුම් නුඹේ මන තුළ දරාවේ
එකම ලෙයින් සැදී මනුසත් පුරාවේ
උස් මිටි කම් නුඹෙ නෙත් නුදුටුවාවේ
ජාති කුලමල සිතින් අතැර ගියාවේ
ආගම කුමක් වුව නුඹ දැහැමිම වුනාවේ
සුර ලොවින් බට අඟනක් නොවුනාවේ
මිහිමත සුමුදු දෙපයම නුඹෙ ගැටුනාවේ
ගතට මගේ රුධිරය යා වුනාසේ
මෙවන් ගුණින් යුත් නුඹ මගේ වුනාවේ
සෑහෙන අමාරුවෙයි හොයාගන්න.. මම කැමති මේ රැඩිකල් චින්තනයට...
ReplyDeleteරැඩිකල් කෙල්ලෙක් කොහෙන් හොයන්න්ඩද නේද මාතලන් අයියේ..super star ල ගේ රටේ.
Deleteඇත්තටම උඹෙ මේ ප්ලොට් එකට මම හරිම කැමතියි..නමුත් පොඩි ගැටළුවක් තියෙනවා. ඒ තමයි ප්ලොට් එක මරු වෙනකොට උඹේ නිර්මාණශීලී පද ගැළපීම් කොහෙටදෝ මාරු වෙලා. 5 සහ 6 කවි පද දෙක බලපන්, එතන මොකද්දෝ අවුලක් තියෙනවා.
ReplyDeleteඔව් රතු රජරට අයියේ ඇත්ත තමයි..බොහොම පින් වැරැද්ද පෙන්නුවට.. ඉදිරියේදී මීට වඩා හොද කරගන්ඩ බලන්නන්..
Delete