Wednesday, January 2, 2013

පරමාදර්ශී පැතුම






















දාරක පෙමක් මව කෙළෙසද මනින්නේ
එළෙසම නුඹේ පෙම අපමණ වුනාවේ

කලා සිතක් ලොව කෙලෙසද දකින්නේ
එවන් සිතක් නුඹටත් සතු වුනාවේ

පටු අදහසින් යුත් මත දුරු කළාවේ
නිවහල් සිතුම් නුඹේ මන තුළ දරාවේ

එකම ලෙයින් සැදී මනුසත් පුරාවේ
උස් මිටි කම් නුඹෙ නෙත් නුදුටුවාවේ

ජාති කුලමල සිතින් අතැර ගියාවේ
ආගම කුමක් වුව නුඹ දැහැමිම වුනාවේ

සුර ලොවින් බට අඟනක් නොවුනාවේ
මිහිමත සුමුදු දෙපයම නුඹෙ ගැටුනාවේ

ගතට මගේ රුධිරය යා වුනාසේ
මෙවන් ගුණින් යුත් නුඹ මගේ වුනාවේ

4 comments:

  1. සෑහෙන අමාරුවෙයි හොයාගන්න.. මම කැමති මේ රැඩිකල් චින්තනයට...

    ReplyDelete
    Replies
    1. රැඩිකල් කෙල්ලෙක් කොහෙන් හොයන්න්ඩද නේද මාතලන් අයියේ..super star ල ගේ රටේ.

      Delete
  2. ඇත්තටම උඹෙ මේ ප්ලොට් එකට මම හරිම කැමතියි..නමුත් පොඩි ගැටළුවක් තියෙනවා. ඒ තමයි ප්ලොට් එක මරු වෙනකොට උඹේ නිර්මාණශීලී පද ගැළපීම් කොහෙටදෝ මාරු වෙලා. 5 සහ 6 කවි පද දෙක බලපන්, එතන මොකද්දෝ අවුලක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් රතු රජරට අයියේ ඇත්ත තමයි..බොහොම පින් වැරැද්ද පෙන්නුවට.. ඉදිරියේදී මීට වඩා හොද කරගන්ඩ බලන්නන්..

      Delete

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴