Friday, January 25, 2013

වීරයෙක් වෙන්න

මටත් ඕනි පොරක් වෙන්න
රට ජාතිය බේරගන්න
මුස්ලිම් කඩ එපා කියන්න
හලාල් එපා කියන්න
මුස්ලිමෙක් ට කෙල උනාම හුරේ දාන්ඩ 
සින්හලයව නැගිට්ටවන්න
"උබලට තව අවරුදු 5කින් තේරෙයි" කියන්ඩ
සංස්කෘතිය, සබ්‍යත්වය ගැන ලොකු talk දෙන්න
සිංහල ජාතිය බේරගන්ඩ සටන් කරන්න
like කරන්න share කරන්න
දේශප්‍රේමී වෙන්ඩ
ජාතිය වෙනුවෙන් පණ දීල
හම්ම්බයෝ එලවන්න
fb එකේ කාර්ඩ්බෝර්ඩ් වීරයෙක් වෙන්න
පොරක් වෙන්න















3 comments:

  1. අපේ කරුමෙට වෙන දේවල් : ලංකාව ආසියාවේ අශ්චර්යයය් එය කෙසේ වෙතත් මේ යන හැටියට ලෝකෙන්ම ආශ්චර්ය වෙන්නත් බැරි නැත , ලංකාවේ නිලියෝ ගණිකා වුර්තිය කරති, ගණිකාවන් චන්දය ඉල්ලා පාර්ලිමේන්තු යන අතර නළුවන් සින්දු කියති. ගායකයන් ආණ්ඩුකාර ධුර හොබවන බැවින් දේශපාලුවන් කප්පන් ගසනු ලැබේ. සුලුජාතිකයෙක් වීම විශේෂ වරප්‍රසාදයක් වන අතර ලොතරය්යක් ඇදුනා හා සමාන වේ, ඔවුන්ට හිත් වේදනාවක් ඇතිවුවත් පාර්ලිමේන්තු කමිටු පත්කරන බැවින් මහජාතිය කෑම බීම පවා ගත යුත්තේ සුළු ජාතිකයන්ට අවශ්‍ය පරිදි ය. මේ අතර වැද්දන් හම්බයන් සමග එකතුව වැදි බන දේශනා කරන අතර ආත්මයකට වත් පන්සල් නොයන ඉන්ටෙර්නෙට් බවුද්ද්යන් මුණු පොතේ සාදුකාර දෙති !!

    ReplyDelete
  2. ඔක්කොම වීරයෝ බුකියට තමා !

    ReplyDelete

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴