Sunday, December 23, 2012

කම්පන

සඳ එළියෙන් ඇවිත්
නාරි සෙවනැළි රූ සොයමි
නුඹේ මත් දෙනෙත්
මගේ හෝමෝන මත හෙලන්නට
කෙසින් වැසුණු වත මෑත්කර
නා දළුත් සිපගන්න
කම්පිත සුසුම් අතරින්
තිසර ළැම අල්ලන්න
නහර විනිවිද පෙනෙන දඟ යුග
ගතින් ගත ගැටෙන්නට,
අපේ ගින්දර යායට
අනුරා දර දමන්නට
උරෙන් දහදිය දමමින්
නිතඹ මත හිස තබා
සෙමෙන් මිය යන්න..

7 comments:

  1. ඔබේ නිර්මාණ ඉස්තරම්... කියවා රස විදින්නෙමි.. අනාරාධිතව සින්ඩියේ එල්ලුවෙමි....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට හා සින්ඩියේ එල්ලිම පිළිබද පිං!!
      ඔබ වැනි blogයකින් මා කෙලෙසකවත් මෙවන් ප්‍රතිචාරයක්, මෙතරම් ඉක්මනට බලාපොරොත්තු නොවිමි. එය ගෞරවයක් කොට සලකමි.

      Delete
  2. උත්කර්ෂණීයය....එහෙත් කවි හිසට නම් මා කැමති නෑ. ගින්දර වගේ කවි හිසක් කවිය ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. උත්කර්ෂණීයය,වචනය ඇඩෙන තරමට මාව කම්පන කලේය..
      කවි හිස පිළිබද ඔබ කියන කතාව ඇත්තය..එහෙත් එතරම් ගින්දර කවි හිස් මගේ සිතට ආවද..,තවම ලොකු සින් දීමට කල්වැඩි යැයි මට සිතුණි.

      Delete
  3. අතිවිශිෂ්ටයි සහෝදරයා! හිත රැඳුනු තැනක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒකාධිපතියා, මගේ බ්ලොගයට ඔබේ පැමිණීම අගයකොට සලකමි.

      Delete

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴