Friday, January 25, 2013

වීරයෙක් වෙන්න

මටත් ඕනි පොරක් වෙන්න
රට ජාතිය බේරගන්න
මුස්ලිම් කඩ එපා කියන්න
හලාල් එපා කියන්න
මුස්ලිමෙක් ට කෙල උනාම හුරේ දාන්ඩ 
සින්හලයව නැගිට්ටවන්න
"උබලට තව අවරුදු 5කින් තේරෙයි" කියන්ඩ
සංස්කෘතිය, සබ්‍යත්වය ගැන ලොකු talk දෙන්න
සිංහල ජාතිය බේරගන්ඩ සටන් කරන්න
like කරන්න share කරන්න
දේශප්‍රේමී වෙන්ඩ
ජාතිය වෙනුවෙන් පණ දීල
හම්ම්බයෝ එලවන්න
fb එකේ කාර්ඩ්බෝර්ඩ් වීරයෙක් වෙන්න
පොරක් වෙන්න















Wednesday, January 9, 2013

සෝඛෝ


කලු රෝස පිපෙන
ගිනි පොළව මත
මල් නටු මත තටු පැටලී
පණ අදින සමනල්ලු
ඉරී ගිය හදවත
ලෝහිත කදුළු වත්කරන
බුරන ගින්නට
දැවෙන බඹරුන්
මහ රුක්
දිරා වැටී
ලොදිය ගලා
වැලපි වැලපී
කුණාටු වරුසාවට
පෙඟුන මළකඳ
මා
වංකගිරියක
හුදෙකලා කර


Wednesday, January 2, 2013

පරමාදර්ශී පැතුම






















දාරක පෙමක් මව කෙළෙසද මනින්නේ
එළෙසම නුඹේ පෙම අපමණ වුනාවේ

කලා සිතක් ලොව කෙලෙසද දකින්නේ
එවන් සිතක් නුඹටත් සතු වුනාවේ

පටු අදහසින් යුත් මත දුරු කළාවේ
නිවහල් සිතුම් නුඹේ මන තුළ දරාවේ

එකම ලෙයින් සැදී මනුසත් පුරාවේ
උස් මිටි කම් නුඹෙ නෙත් නුදුටුවාවේ

ජාති කුලමල සිතින් අතැර ගියාවේ
ආගම කුමක් වුව නුඹ දැහැමිම වුනාවේ

සුර ලොවින් බට අඟනක් නොවුනාවේ
මිහිමත සුමුදු දෙපයම නුඹෙ ගැටුනාවේ

ගතට මගේ රුධිරය යා වුනාසේ
මෙවන් ගුණින් යුත් නුඹ මගේ වුනාවේ