සඳ එළියෙන් ඇවිත්
නාරි සෙවනැළි රූ සොයමි
නුඹේ මත් දෙනෙත්
මගේ හෝමෝන මත හෙලන්නට
කෙසින් වැසුණු වත මෑත්කර
කෙසින් වැසුණු වත මෑත්කර
නා දළුත් සිපගන්න
කම්පිත සුසුම් අතරින්
තිසර ළැම අල්ලන්න
නහර විනිවිද පෙනෙන දඟ යුග
ගතින් ගත ගැටෙන්නට,
ගතින් ගත ගැටෙන්නට,
අපේ ගින්දර යායට
අනුරා දර දමන්නට
උරෙන් දහදිය දමමින්
නිතඹ මත හිස තබා
සෙමෙන් මිය යන්න..