Wednesday, January 9, 2013

සෝඛෝ


කලු රෝස පිපෙන
ගිනි පොළව මත
මල් නටු මත තටු පැටලී
පණ අදින සමනල්ලු
ඉරී ගිය හදවත
ලෝහිත කදුළු වත්කරන
බුරන ගින්නට
දැවෙන බඹරුන්
මහ රුක්
දිරා වැටී
ලොදිය ගලා
වැලපි වැලපී
කුණාටු වරුසාවට
පෙඟුන මළකඳ
මා
වංකගිරියක
හුදෙකලා කර


No comments:

Post a Comment

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴