Monday, December 17, 2012

ගෙට වීම


මං දන්න කියන පොඩි කෙලි පොඩිත්තක් හිටිය අපේ ගම් පැත්තේ..7 වසරේ පොඩි නංගි කෙනෙක්.
දන්න කියන කිව්වට මහා ලොකු දෙයක් දැන් නැ..
උදේට දැක්කම ''ගුඩ් මොර්නින්ග්!'' හවසට දැක්කම ''යන්නන්'' එච්චර තමයි දන්නකම.
හිටපු ගමන් නමට වගේ දත් ටික පෙන්නලා යන වෙලාවල් එහෙමත් තියෙනවා ඉතින්..කොහොමහරි අපි දෙන්න අතරේ පොඩි බොක්කක් තිබ්බා..
මෙහෙම කාලේ ගතවෙනකොට මෙන්න මෙයා ගෙට වෙලා කියල මගේ කණ වැකුණා. ''ඉතින් මට මොකෝ'' මම හිතුව..
ටික කාලයක් පෙන්ඩ නොහිටපු නගා, අහම්ම්බෙන් වගේ මම රස්තියාදුවේ යෙදිලා ඉන්න වෙලාවක මුනටම මුලිච්චි වෙච්චි..
මමත් ඉතින් කාලෙකින් නෙ දැක්කේ කියල හිනාවක් දාල පහු කරන්ඩ හදනකොට,
මෙන්න බොලේ මෙකි රවනවා!!!
යකෝ හරියට අපි වැරද්දක් කරා වගේ..!
පස්සේ මම කල්පනා කරා එහෙනං කෙල්ලෝ ගෙට වෙනවා කියන්නේ මේකට වෙන්ඩ ඇති කියල..

11 comments:

  1. කෙල්ලො ඔහොමමයි බන් ගනන් ගන්න එපා.
    එළ කිරි දිගටම ලියපන්

    ReplyDelete
    Replies
    1. ජීව විද්‍යාත්මකව වත් එහෙමද කොහෙද!!

      Delete
  2. යකෝ අපි ගෙට දැම්ම වගේ නෙ... හෙන ගහන්ඩ එපැයි....

    ReplyDelete
    Replies
    1. එකනේ බං!
      කෙල්ලොන්ගේ ඔලුවලට දාලතියෙන දේවල් වල හැටි.

      Delete
  3. Replies
    1. http://lokuayyandi.blogspot.com/2012/12/blog-post_19.html
      නිර්මාණරතියෙන් ඇවිස්සුන මගේ ගතිය

      Delete
  4. මටත් ගෙට වෙන්න හිතෙනවා...
    ගෙට වෙන්න කලියෙන් හිටපු කෙලි ගෙයින් එලියට එන්නේ අම්බානකට වෙනස් වෙලා... මොනවා හරි කොරනවා ඇති ඔය කාමරේ අස්සේ දාගෙන....
    එත් අපි හැමදාම එළියේ... හිටපු එකාම ඉන්නේ...එත් නිකන් අපිට මොනා හරි උන වගේ....නිකන් අපි ගෙට උනා වගේ පස්සේ !!

    ReplyDelete
  5. ගෑනු කියන්නේ ඔහොම තමා මචෝ.....උන්ට මුල මතක නෑ....හැමෝම නෙවෙයි...සමහරක් උන් විතරයි(නැත්නම් මාව කයි)

    ReplyDelete
  6. ඔව් බන්,,, උන් හිතන්නේ අපි ගිලි කියල!!

    ReplyDelete
  7. අපිටත් ඔහොම ගෙට වෙන්න තිබුන නම් කොහොම හිටීද..

    ReplyDelete
    Replies
    1. ගතියෙන් වෙනස් නොවී ඉන්නවනං අව්ලක් නැ චන්දන..කොමෙන්ට්ටුවට බොහෝම ස්තුතී.

      Delete

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴