Sunday, December 23, 2012

කම්පන

සඳ එළියෙන් ඇවිත්
නාරි සෙවනැළි රූ සොයමි
නුඹේ මත් දෙනෙත්
මගේ හෝමෝන මත හෙලන්නට
කෙසින් වැසුණු වත මෑත්කර
නා දළුත් සිපගන්න
කම්පිත සුසුම් අතරින්
තිසර ළැම අල්ලන්න
නහර විනිවිද පෙනෙන දඟ යුග
ගතින් ගත ගැටෙන්නට,
අපේ ගින්දර යායට
අනුරා දර දමන්නට
උරෙන් දහදිය දමමින්
නිතඹ මත හිස තබා
සෙමෙන් මිය යන්න..

Friday, December 21, 2012

මම දන්නෑ

දන්නෑ මං,
මම නන් දන්නෑ...
මං දන්නෑ නේ....
මං දන්නවා ඇයි?
කොහොමද මම දන්නේ?
don't know.
දන්නෑ.
දන්නෑ මචං..,
දන්නෑ බං...,
මං දන්නෑ යකෝ!
ඔය කෙහෙල්මල් සමාජවාදයක්,
මම දන්නෑ!





[නිමිත්ත: das kapital]

Wednesday, December 19, 2012

අවිනිශ්චිත

දීපංකර බුදුහාමුදුරුවන්ගේ කාලේ මිනිහෙක්ගේ ආයුෂ අවරුදු ලක්ෂයක් ලු..
දැන් සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ ආයුෂ අවරුදු 80ක්,
අවරුදු 75ක් 80ක් කියන්නේ කොච්චර පොඩි කාලයක් ද..

ඔබේ ජීවිතය දිහා ආපසු හැරිලා බැලුවොත්,
අතීතය කෙතරම් වේගයෙන් ගෙවී ගොසින්ද?
එදා හිත් නෙත් පිරූ සිදුවීම් අද වියකුණු මිහිදුම්ය..

අවරුදු 75ක් 80ක් කියන්නේ කොච්චර පොඩි කාලයක් ද..?
ඔබ අවරුදු 20ක් ජීවත්ව ඇත්නම්
ඔබ පැය 175200ක් ජීවත්ව ඇති..
ආසන්නව ඔබ අවරුදු 80ක් ජීවත් වුවහොත්
ඔබ තව පැය 525600ක් මෙලොව ගතකරයි
මේ ලෝකේ මිනිස්සු අපි හිතපු වෙලාවටද මේ ලෝකේ දාල ගියේ..?

ඇත්තටම අපි මරණය පෙනී පෙනී ජීවත්වෙන මිනිස්සු.....

Tuesday, December 18, 2012

මම මට ලියමි

--------------------------------
මගේ ආගම මට
මගේ දේශප්‍රේමය මට
මගේ ජතිආලය මට
මගේ භාසාව මට
මගේ දේසපාලන මට
මගේ ආතල් මට
මගේ love එක මට
මගේ ගොන්කන් මට
මගේ කරුමය මට
මේවා වෙනුවෙන් මට
වෙන එකෙක් මොකට ද?
-----------------------------------

Monday, December 17, 2012

දුටු දෑත


______________________

දෙනෙත් දහසක් දුටුවා
නුඹේ දෑසත් දුටුවා

සිනහ දහසක් දුටුවා
නුඹේ සිනහව දුටුවා

රූ දහසක් දුටුවා
නුඹේ රුපය දුටුවා

දෑත් දහසක් දුටුවා
නුබේ දෑත දැක පිස්සු හැදුනා!
_________________________


ගෙට වීම


මං දන්න කියන පොඩි කෙලි පොඩිත්තක් හිටිය අපේ ගම් පැත්තේ..7 වසරේ පොඩි නංගි කෙනෙක්.
දන්න කියන කිව්වට මහා ලොකු දෙයක් දැන් නැ..
උදේට දැක්කම ''ගුඩ් මොර්නින්ග්!'' හවසට දැක්කම ''යන්නන්'' එච්චර තමයි දන්නකම.
හිටපු ගමන් නමට වගේ දත් ටික පෙන්නලා යන වෙලාවල් එහෙමත් තියෙනවා ඉතින්..කොහොමහරි අපි දෙන්න අතරේ පොඩි බොක්කක් තිබ්බා..
මෙහෙම කාලේ ගතවෙනකොට මෙන්න මෙයා ගෙට වෙලා කියල මගේ කණ වැකුණා. ''ඉතින් මට මොකෝ'' මම හිතුව..
ටික කාලයක් පෙන්ඩ නොහිටපු නගා, අහම්ම්බෙන් වගේ මම රස්තියාදුවේ යෙදිලා ඉන්න වෙලාවක මුනටම මුලිච්චි වෙච්චි..
මමත් ඉතින් කාලෙකින් නෙ දැක්කේ කියල හිනාවක් දාල පහු කරන්ඩ හදනකොට,
මෙන්න බොලේ මෙකි රවනවා!!!
යකෝ හරියට අපි වැරද්දක් කරා වගේ..!
පස්සේ මම කල්පනා කරා එහෙනං කෙල්ලෝ ගෙට වෙනවා කියන්නේ මේකට වෙන්ඩ ඇති කියල..

රැඩිකල්

පට්ට ගැහිච්ච ඩෙනිම
පට්ට පරණ t-shirt එක
අඩියටම අඩිය ගෙවිච්ච සෙරෙප්පු දෙක
රැව්ල වැව්වා
කොන්ඩේ වැව්වා
ගෙලට මාල
කණට කරාබු
අතට වළලු
මෙන්න බොලේ මු රැඩිකල්!